Monday, September 23, 2024

නීතිපතිට පුළුවන් උපදෙස් දෙන්න විතරයි – කොවිඩි එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සමිබන්ධයෙන් නීතිමය තත්ත්වය

කොවිඩ් එන්නත් දෙකම ලබාගෙන එන්නත් කාඩ් පත නොමැති පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල් වීම වැළැක්වීම සම්බන්ධයෙන් නිති සම්පාදනය කිරිමට බාධාවක් නොමැති බවට තමන්ට නිතීපතිවරයාගෙන් උපදෙස් ලැබුනු බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

මේ පිළිබඳව නීතිමය තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සහික
නීතිඥ නුවන් බැල්ලන්තුඩාව

“සාමාන්‍ය පුරවැසියන් තමන්ගේ නීති කටයුතු සඳහා නීතීඥයන්ගෙන් උපදෙස් ගන්නවා සහා සමානව ආණ්ඩුවට
නීතීමය කටයුතු සම්බන්ධයෙන් උපදෙස් දෙන්නේ නිතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව. නීතිපති
උපදෙසක් දුන්න පලියට ඒක නීතිය බවට පත්වෙන්නේ නෑ. නීතිපතිගේ හැම උපදෙසමක් නිත්‍යානූකූල වෙන්නෙත්
නෑ, අධිකරණය නීතිපතිවරයාගේ ස්ථාවරය ප්‍රතික්ෂේප කරපු අවස්ථා ඕන තරම් තියෙනවා.

කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ලෝකය පුරා ප්‍රශ්න ගණනාවක් ඇතිවෙල තියෙනවා. මේ එන්නත රොගය සඳහා
නිශ්චිතම ප්‍රතිකරය කියන්න සාධක නෑ, එන්නත නිසා ප්‍රතිශක්තිකරණය දුර්වල වන බව චන්න ජයසුමන
ඇමතිම කියලා තියෙනවා. එන්නත ගැසීමෙන් ඇතිවන සංකූලතා සහ සැක සහිත මරණ ගැන කිසිම විධිමත්
පරික්ෂණයක් කෙරිලා නෑ. එහෙම තත්වයක් තුල එන්නත අනිවාර්‍ය කරන්න නීති පනවන්න සාධාරණ පදනමක්
නෑ. ඇමතිවරයා එහෙම බලහත්කාරයෙන් නිති පැනවීමක් කලොත් ඊට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්න
නීතිඥයෝ රැසක් සුදානම්.

දේශිය වෛද්‍ය ක්‍රමය ගැන කතා කරමින් දේශීය චින්තනය ගැන කතා කරපු ආණ්ඩුවක් අන්ධ භක්තියෙන් එන්නත්වෙළදාමේ යෙදීම අතිශයින් ශෝචනීය තත්වයක් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles