2021 උ/පෙළ අයදුම්පත් භාර ගැනීම දිර්ඝ කරයි

0
303

2021 අපොස උසස් පෙළ විභාගය සදහා අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනය තවදුරටත් දීර්ඝ කල බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ අයදුම්පත් යොමුකිරීමේ කටයුතු ඒ අනුව ලබන 20 වෙනිදා දක්වා තවත් දින 10 කින් දීර්ඝ කෙරෙනු ඇති.

විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කිරීමත් සමග විශ්වවිද්‍යාල ප්‍රවේශය අහිමි වූ සිසුන් රැසක් නැවතත් උසස්පෙළට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙස කල ඉල්ලීමකට අනූව මෙම තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර 2020 අපොස සාමාන්‍යපෙළ විභාගයේ සෞන්දර්යය විෂයන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර් පළමුවනදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here