තලේබාන් සංවිධානය යුද අපරාධ කළ බවට සාක්ෂි රැසක් හෙළිවේ.

0
426

තලේබාන් සංවිධානය යුද අපරාධ කළ බවට සාක්ෂි රැසක් හෙළිවේ.තලේබාන් සංවිධානය විසින් මෑත කාලීනව ගැටුම් පැවති සමයේදී ඇෆ්ගනිස්තානය තුළ යුද අපරාධ සිදුකර ඇති බවට සාක්ෂි රැසක් අනාවරණය වී තිබේ.

කම්මා ප්‍රෙස් පුවත් ඒජන්සිය සදහන් කරන්නේ, හේරාට් ,හෙල්මාන්ඩ් සහ කන්දහාර් ප්‍රාන්තවල ඔවුන් විසින් යුද අපරාධ සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

එම පළාත් තුනේදී කිසිදු ආකාරයට හමුදාමය සම්බන්ධයක් නොමැති සිවිල් වැසියන් ඝාතනය කිරීමට තලේබාන් සංවිධානය සම්බන්ධ වී ඇති බව අනාවරණය වී තිබේ.

මීට අමතරව, ගසානි ප්‍රාන්තයේ දී අල්ලා ගන්නා ලද ඇෆ්ගනිස්තාන හමුදාවේ සාමාජිකයන් සහ සිවිල් වැසියන් 43 දෙනෙකු ද තලේබාන් සංවිධානය විසින් ඝාතනය කර ඇති බවට කරැණු තහවුරැ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here