බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ තීරණයත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල වසර දෙකකින් ඉහළම අගයට පත්වී තිබෙනවා.
ජනමත විචාරණයේ ප්‍රතිඵලයත් සමඟ ලෝක වෙළඳ පොලේ රන් මිල සියයට 8 කින් පමණ ඉහළ ගිය අතර, රන් අවුන්සයක මිල සටහන් වූයේ ඩොලර් 1350 කට ආසන්න මට්ටමකයි.
බ්‍රිතාන්‍යය වෙළඳපොලේ රන් මිල වසර 3 කින් ඉහළම මිල සලකුණු කළේ සියයට 13 ක පමණ වැඩිවීමක් සමඟයි.
බ්‍රිතාන්‍ය පවුම ඇතුළු ප්‍රධාන පෙලේ විනිමය අස්ථාවර වීමත් සමඟ ස්ථාවර ආයෝජනයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට පෙළඹීම මෙලෙස ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමට හේතුවී තිබෙනවා.