එක්නැළිගොඩ ඝාතනයට අණ දුන්නෙ ජනපති කාර්යාලයේ පුද්ගලයෙක්

0
411
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට නියෝග කිරීම ජනාධිපති කාර්යාලය හා සම්බන්ධ පුද්ගලයකු විසින් සිදු කර ඇති බව මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් අරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රධාන මෙහෙයුම්කරුවා ලෙස හඳුනාගෙන සිටින මේ වන විට රිමාන්ඩ් බාරයේ පසුවන ශ‍්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයේ කර්නල් ශම්මි මේ සිදු වීම වූ කාලයේ දී ලබා ගත් දුරකථන ඇමැතුම් සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී ජනාධිපති කාර්යාලය විසින් නිකුත් කරනු ලැබූ දුරකථන අංකයක් සහ නිරන්තරයෙන් සම්බන්ධ වී ඇත. එහි දී එක්නැළිගොඩ මහතා පැහැරගෙන යාමේ දිනය ඔහුව කඳවුරෙන් කඳවුරට රැගෙන යාමේ දිනයන් හා සමගාමීව මෙම දුරකථ ඇමැතුම් බහුලව සිදුව තිබේ. විශේෂයෙන්ම අවසන් වරට අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයට එක්නැළිගොඩ මහතා රැගෙන ගිය දිනයේ දී දුරකථන ඇමතුම් විශාල ප‍්‍රමාණයක් හුවමාරු වී ඇත.
එහෙත් තමන් හා දුරකථනයෙන් සම්බන්ධ වූ ජනාධිපති කාර්යාලයේ පුද්ගලයා කවුරුන්ද යන්න කර්නල් ශම්මි විසින් හෙළිදරව් කර නොමැති නමුත් එය පහසුවෙන් අනාවරණය කර ගත හැකි බව පොලීසියේ විශ්වාසය ය. ඒ අනුව එක්නැළිගොඩ ඝාතනයේ අභිරහස නුදුරේදීම විසැඳෙනු ඇත.
– සුභාෂ් ජයවර්ධන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here