ගුරැවරැන්ට තර්ජනය කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළුව තිදෙනෙකුව අත්අඩංගුවට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

0
323

මාවනැල්ල, මෙඩේරිගම මහා විද්‍යාලයේ පැවති ගුරු-විදුහල්පති හා දෙමාපිය විරෝධතාවයක් අතරතුරදී එම ස්ථානයට ගොස් බැණ තර්ජන කිරීමේ සිදුවීමට අදාළව මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙක්ව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළා.

පසුගිය තුන්වනදා මෙම සිදුවීම වාර්තා වූ අතර එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් විසින් එය සමථයකට පත්කරන අයුරු වීඩියෝ දර්ශනවල ද දක්නට ලැබුණා.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

ඔවුන් අද මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා ගුරැ – විදුහල්පතිවරැන් උද්ඝෝෂණයේ ද නිරතවුණා.අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති විසින් පසුගියදා පොලිස්පතිවරයා වෙත ද පැමිණිලි කර තිබුණා.ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here