Monday, November 25, 2024

නොබෙල් සාම ත්‍යාගලාභිනී මලාලා විවාහ ගිවිස ගනී

නොබෙල් සාම ත්‍යාගලාභීනියක සහ සමාජ ක්‍රියාකාරිනියක වන මලාලා යූසුෆ්සායි විවාහ ගිවිසගෙන තිබෙනවා.

එම විවාහ ගිවිස ගැනීම, ඉස්ලාමීය ‘නිකා’ චාරිත්‍රවලට අනුව, ඉතාමත් චාම් අයුරින්, බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවරදී පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමන් තම ජීවන සහකරු ලෙස පාකිස්තාන ජාතික අසර් මලික් තෝරා ගත් බව, විවිහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප පළ සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් 24 හැවිරිදි මලාලා යූසොෆ්සායි පවසා ඇත.

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ද හඬ නගන මලාලා යූසුෆ්සායි තම ජීවන සහකරු ලෙස පාකිස්තාන ජාතික අසර් මලික් තෝරා ගත් බව, විවිහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප පළ සිය ඉන්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් පාකිස්තාන් තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව හඬ නැගීමේ වරදට, තලේබාන් තුවක්කුකරුවකු ඇය ගමන් කරමින් සිටි පාසල් බස් රියට ගොඩ වී ඇය අසලට පැමිණ ඇගේ හිසට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුවය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 15 කි.

බරපතළ ලෙස තුවාල ලැබූ මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගෙන ඒම සිදුවූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ උපදෙස් අනුවය.

මලාලා පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගුවේ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් සිටි ඇගේ පියා සමඟ එක් වී බීබීසී උර්දු ගුවන් විදුලි සේවය ඔස්සේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේත් රජයේත් අවධානය මලාලාට හිමිවූයේ එබැවිනි. මලාලා සමඟ ඇගේ පවුලේ සාමාජිකයන් ද ලන්ඩන් නුවරට පැමිණි අතර ඔවුන්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිවිය.

මලාලා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියක් වන අතර ඇය ඇගේ මව පියා සහ සොහොයුරා සමඟ බ්‍රිතාන්‍යයේ ජීවත් වනවා.

මලාලාගේ සැමියා අසර් මලික් Asser Malik පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරනවා.
LUMS උපාධිධාරියෙකු වන Asser 2020 මැයි මාසයේදී මෙම තනතුරට පත්ව ඇති බව සඳහන්.
පකිස්තාන සුපර් ලීග ක්‍රිකට් කණ්ඩායමක් වන ‘මුල්තාන් සුල්තාන්ස්‘ හි අසර් මෙහෙයුම් කළමනාකරු ලෙසද කටයුතු කරන අතර ඔහු මීට පෙර ක්‍රීඩක කළමනාකරණ ආයතනයක් ද පවත්වාගෙන ගොස් තිබෙනවා.

අසර්, ලාහෝර් කළමනාකරණ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි. අසර් අධ්‍යාපනය ලැබුවේ 2008 සිට 2012 තෙක් කාලයේය. තලේබාන්වරුන් මලාලාගේ හිසට වෙඩි තැබුවේ 2012 දීය. වේදිකා නාට්‍ය නිෂ්පාදන ආයතනයක් වන ‘ඩ්‍රීම්ලයින්’ සමාගමේ සභාපති ධුරය හොබවන්නේ ද අසර් යැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles