චීනයේ නිෂ්පාදන ආර්ථිකය දැවැන්ත අර්බුදයක.

0
431

දැනට චීනයේ පවතින නිෂ්පාදන අර්බුදය 2022 වසරේ එරට නිෂ්පාදනයට පවා ඉතා අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ඇතැයි අනාවැකි පළවා තිබේ.

ලෝක ආර්ථික විශ්ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, කෝවිඩ් වසංගතය හේතුවෙන් චීනයේ කර්මාන්ත ශාලා වරින්වර වසා දැමීම තවමත් අවසන්ව නොමැති බවයි.

බලශක්ති හිගය හේතුවෙන් චීනයේ විදුලි බල සැපයුමද මේ වන විට දැවැන්ත අර්බුදයකට මුහුණ දී තිබේ.

විදෙස් වාර්තා සදහන් කරන්නේ, චීනයේ බොහෝ කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන්නේ සතියකට දින දෙක තුනක් පමණක් බවයි.

මෙි හේතුවෙන් එරට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියේදී දැවැන්ත බිදවැටීමකට ලක්වීමට ඉඩ ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here