පකිස්තානයේ කාන්තාවෝ අගමැති ඉම්රාන්ට එරෙහිව යති

0
329

පකිස්තානයේ කාන්තා සංවිධාන විසින් අගමැති ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ කර තිබේ.

රටපුරා ක්‍රියාත්මක එම විරෝධතා මාලාවේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ අගමැති ඉම්රාන් ප්‍රමුඛ ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවයි.

වත්මන් ආණ්ඩුව රැකියා හිගය, ජීවන වියදම ඉහළ යාම, ඇතුළු ජනතාවට බලපාන මූලික ගැටලුවලට විසදුම් සෙවීමට අපොහොසත් වී ඇති බව විරෝධතාවයන්ට සම්බන්ධ වී සිටින කාන්තාවෝ සදහන් කරති.

පකිස්තානය මේ වනවිට දැවැන්ත ණය අර්බුදයකට මුහුණ දී ඇති බවත් එම අර්බුදයෙන් මිදීම සදහා ආණ්ඩු වෙනසක් හැර වෙනත් මගක් නොමැති බවත් එම කාන්තා‍ සංවිධාන නියෝජිතයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here