විද්‍යාපීඨ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් බවට පත් වෙයි

0
395

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලින් පාඨමාලා සම්පූර්ණ කරන ශික්ෂාලාභීන්ගේ ඩිප්ලෝමාව ගෞරව උපාධියක් ලෙස ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මඟින් සාකච්ඡා කර අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥයන්ගේ වෘත්තීය සංගමය ඇතුළු වෘත්තීය සමිති වෙත ලිපියක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

යෝජනාව පිළිබඳ අවසන් කෙටුම්පත ලබන වසරේ ජනවාරි 18ට පෙර ඉදිරිපත් කළ යුතු බවට තීරණය කළ බවත් සියලු කාර්යයන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අධීක්ෂණයට යටත්වන අතර, නියමිත දිනට අදාළ යෝජනා සකස් කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරන බව ද නිවේදනයේ සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here