ජල පහරට හසුවූ පුංචි පුතුගේ සිරුර හමුවෙයි

0
313

අයහපත් කාලගුණයත් සමග ඇතිවූ සැඩ ජල පහරකට හසුවී ගසාගෙන ගිය පිය පුතු දෙදෙනාගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

එකොළොස් හැවිරිදි පුතා කුලියාපිටිය විලපොළ ප්‍රදේශයේ උපකාරක පන්තියකට රැගෙන ගොස් නැවත නිවෙස බලා එමින් සිටියදී ඔවුන් දෙදෙනා ඊයේ (09) මෙම අනතුරට මුහුණ දී තිබුණි.

තිස්අට හැවිරිදි පියාගේ සිරුර ඊයේ සොයාගත් අතර පුතාගේ සිරුර සොයාගෙන තිබුණේ අද (10) දිනයේය.

මාදම්පේ මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එම දරුවා ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත්වී සිටි ඉගෙනීම් කටයුතුවලට දක්ෂ දරුවෙක් බව ගම්වාසීන් පවසයි.

සිරුරු සොයා ගැනීම සඳහා කුලියාපිටිය පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුම් සිදුකර තිබූ අතර ගම්වාසීන් ඊට සහාය දී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here