ගුවන් මෙහෙයුම් කටයුතු වලින් ශ්‍රීලන්කන් ඉවත්කරයි

0
360

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ බිම් මට්ටමේ මෙහෙයුම් කටයුතු ශී‍්‍ර ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට පැවරිය යුතු බවට රජයේ ආර්ථික කටයුතු පිළිබඳ අනුකාරක සභාව නිර්දේශ කර තිබේ.

දැනට මෙම කටයුතු සිදු කරනු ලබන්නේ ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම විසින්.

එහෙත් ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගමේ කළමනාකරණය විදේශීය හවුල්කාර සමාගමකට භාරදීමට රජය තීරණය කර ඇති බැවින් බිම් මට්ටමේ මෙහෙයුම් එම සමාගමෙන් ඉවත් කර රජය යටතේම තබා ගත යුතු බවයි රජයේ ආර්ථික කටයුතු පිළිබඳ අනුකාරක සභාව පෙන්වා දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශී‍්‍ර ලංකා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ විධායක අධ්‍යක්ෂ ජොහාන් ජයරත්න පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ සේවකයින්ගේ රැකියාවලට ගැටලුවක් ඇති නොවන බවයි.

අදාළ නිවේදනය පහතින් බලන්න –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here