ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 10ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එම කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.
නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්යසාධන ඇගයීම් පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
මේ අතර ජාතික තරුණ සේවා සභාව සමඟ තරුණ සේවා පෞද්ගලික සමාගම ලබන 16 වනදාත්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව ලබන 17 වනදාත්, කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.
එමෙන්ම ලබන 23 වනදා භූ විද්‍යා හා සමීක්ෂණ පතල් කාර්යාංශය කෝප් කමිටුව වෙත කැඳවා තිබෙනවා.
ගල්ඔය වැවිලි සමාගම 24 වනදාත්, ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය 30 වනදාත් කෝප් කමිටුව වෙත කැඳවා ඇති අතර, ලබන මස 1, 2, 7 සහ 9 යන දිනයන්හි තවත් ආයතන කිහිපයක් කෝප් කමිටුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.