රිවස් වූ ගැසට්ටුවක් ගැන සජිත් පාර්ලිමේන්තුවෙිදී කියයි

0
284

විශ්‍රාමිකයින්ගේ වැටුපෙන් කොටසක් අග්‍රහාර රක්ෂණයට මුවාවෙමින් අත්පත් කර ගැනීමට ආණ්ඩුව ගනු ලැබූ උත්සාහය තමන් පසුගිය සෙනසුරාදා රටට හෙළිදරව් කළ බවත්, ඉන් අනතුරුව 27/2යටතේ ප්‍රශ්නයක් යොමු කිරීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඊයේ (09) දිනයේ දහවල් 12 වන විට යොමු කළ බවත්, මෙයින් කලබලයට පත් වූ ආණ්ඩුව ඉන් පැය කිහිපයකට පසු අදාල ගැසට් නිවේදනය ආපසු හරවා ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විශ්‍රාමිකයින්ගේ වැටුප කොල්ලකෑමට ගත් උත්සාහයට එරෙහිව කරනු ලැබූ අරගලය  පල දැරීම පිළිබඳව  සතුටු වන බව පැවසූ විපක්ෂ නායකතුමා ඊයේ දිනයේ අද අසන්නට යොමුකළ 27/2 යටතේ අන්තර්ගත “විශ්‍රාමිකයින්ගේ වැටුප කොල්ලකෑම සම්බන්ධ “ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී විමසනු ලැබීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here