පාස්කු ප්‍රහාරය සැලසුම් කලේ කවුද කියලා අපි හොයාගන්නවා -ආරක්ෂක අමාත්‍යාංශ ලේකමි

0
380

පාස්කු ප්‍රහාරය සිදුකල සියලු ත්‍රස්තවාදීන් මියගොස් ඇතිබවත් ප්‍රහාරය සැලසුම් කලේ කවුදැයි සොයන බවත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න සඳහන් කරයි.

ඊයේ (10) මහනුවර මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඇතුළු අනුනායක හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි ඔහු මෙසේ පැවසීය.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මා හට කියන්නට තිබෙන්නේ එය එල්ල කළ ත්‍රස්තවාදීන් සියලු දෙනා මේ වන විට මියගොසිනුයි තිබෙන්නේ . එය සැලසුම් කළ අය කවුද කියන එකයි අපට සොයා ගන්න තිබෙන්නේ .ඊට සහභාගි වූ ත්‍රස්තවාදීන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන මේ වන විටත් නඩු පවරා තිබෙනවා . අත්අඩංගුවට ගත් පමණින් දඬුවම් කිරීමට බැහැ . අධිකරණයෙන් කරුණු සනාථ කළ යුතුයි . පරීක්ෂණවලින් ඔප්පු කර ගත්තත් අධිකරණය හමුවේ එම කරුණු ඔප්පු කළ යුතුයි . ඒ සඳහා විශාල කාර්ය පටිපාටි අනුගමනය කළ යුතුයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here