පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30 ක් පොදු සන්ධානයක් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ කටයුතු කිරීමට එකඟතාවය පළ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එම පක්ෂ හා කණ්ඩායම් සමඟ එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (11) පෙරවරුවේ මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
පෙරවරු 10ට නිදහස් පක්ෂ මූලස්ථානයේදී අදාළ සාකච්ඡාව පැවැත්වෙන්නේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්