බන්ධනාගාර ගත කර සිටි ගත් සිසු නායකයින් පස් දෙනාට ඇප

0
321

බන්ධනාගාරගත කර සිටි  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු  ඇතුලු පස් දෙනෙකු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතාමගින් අද  (11) නියෝග කළේය.

එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් එහිදී  නියම කෙරිණි.

කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව පොල්දූව පාලම අසලදී සිදුකල විරෝධතාවයක දී පොදු දේපලට හානිකල බවට පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර දින 102 ක්  මෙම පිරිස බන්ධනාගාරගත කර සිටියහ.

විත්තිකරුවන් වෙනුවෙන්  නීතිඥ  නුවන් බෝපගේ මහතා  පෙනී සිටියේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here