බැසිල්ගේ ලිත් නඩුව අවසන්ද ? නැද්ද ? – නීතිපති කල් ඉල්ලයි

0
323

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක මහතාට එරෙහිව පවතින දිවිනැගුම ලිත් නඩුව නැවත කැදවීම ලබන දෙසැම්බර් පළමවුවනදා නැවත කැදවීමට අධිකරණය අද තීන්දු කළේය.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ අද පෙරවරුවේ කැදවූ අවස්ථාවේදීයි.

මෙම දිවිනැගුම ලිත් නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේද යන්න පි්ළිබද නීතිපති තීරණයද එදිනට අධිකරණයට දැනුම්දීමට නියමිතයි.

පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීමට අවශ්‍යව තිබීම නිසා අද දැනුම් දීමට තිබූ නීතිපතිවරයාගේ තීරණය ලබන නඩු වාරයේදී අධිකරණයට දැනුම්දෙන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අද අධිකරණයට දැනුම් දී තිබුණේ.

පැමිණිල්ලේ දෙවන සහ තුන්වන සාක්ෂිකරුවන්ට දෙසැම්බර් පළමවුවනදා අධිකරණය හමුවේ පෙනීසිටීම සදහා නොතීසි නිකුත් කර තිබෙනවා.

Newsradio.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here