හෙට ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ගැන වැඩිදුර තොරතුරු

0
405

2022 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙට (12) ප.ව 02.00 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අය වැය මෙන්ම බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ මංගල අයවැය ඉදිරිපත් කිරීම ද මෙය වනවා.

2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කෙරුණා.

මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලසීමාව තුළ ආණ්ඩුවේ වියදම්වලට අදාළ පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

නොවැම්බර් 13 සෙනසුරාදා සිට නොවැම්බර් 22 සඳුදා දක්වා දින 07ක් අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වෙන අතර නොවැම්බර් 22 වැනි දින ප.ව 5.00ට අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 23 වැනි අඟහරුවාදා සිට කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන අතර සෙනසුරාදා ද ඇතුළුව දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් 10 වන දින ප.ව 5.00ට තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

මෙවර අයවැය විවාදය ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන් ද රුපවාහිනී නාළිකා ඔස්සේ ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here