Wednesday, September 25, 2024

වැලිසර රිය අනතුරින් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා දිවියෙන් සමුගනී

වැලිසර, මහබාගේ සුසාන භූමිය අසල දී පසුගිය 04 වනදා රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි වියේ පසුවූ මෙවර උසස්පෙළ හදාරමින් සිටි සිසුවෙකි.

16 හැවිරිදි සිසුවෙකු විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිසර ප්‍රදේශයේදී තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් අදාළ අනතුර සිදුවිය.

එහිදී යතුරුපැදියක ගමන්කරමින් සිටි මෙම පාසල් සිසුවා අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරිණි.

අනතුරින් එම සිසුවා ගමන්කළ යතුරුපැදිය පදවාගෙන ගිය ඔහුගේ ඥාතියෙකු වූ 52 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මිය ගිය අතර ඔහු හිටපු හමුදා සෙබෙලෙකු බවට වාර්තා විය.

මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පැවසුවේ වාහනය පුතා විසින් රැගෙන ආ බව තමන් නොදැන සිටි බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles