Wednesday, September 25, 2024

මෙවර අය වැයෙන් කිසිදු සහනයක් බලාපොරොත්තු විය නොහැකියි – වජිර

මෙවර අය වැයෙන් කිසිදු සහනයක් අපේක්ෂා කළ නොහැකි අතර එය ජනතා අපේක්ෂා සුන් කරන අයවැයක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

කඩා වැටෙන රට ගොඩනගා ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට වත්මන් පාලනයට හෝ උද්ඝෝෂණය කරන අයට කිසිදු සැලසුමක් සහ වැඩපිළිවෙලක් නැති බව කී වජිර අබේවර්ධන මහතා ඒ හැකියාව ඇත්තේ දකුණු ආසියාවේ පරිණතම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහතාට බව සඳහන් කළේය.

වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධව හොරණ සහ බුලත්සිංහල මැතිවරණ කොට්ඨාශවල එජාප ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති රැස්වීම්වලට එක් වෙමිනි.  

හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ද මෙම අවස්ථාවට එක් විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles