අපේ ජනබල පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අතුරලියේ රතන හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

0
319

අපේ ජනබල පක්ෂය විසින් සිය පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා රාජගිරිය සදහම් සෙවණ නිර්මාතෘ පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කළේය.

විදානපතිරණ ඇසෝසියේට් නීතීඥ සමාගම මගින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපේ ජන බල පක්ෂය , එම පක්ෂ මහ ලේකම් නිශාන්ත රත්නායක , පක්ෂයේ සභාපති සමන් පෙරේරා , මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින් සිව්දෙනා , මැතිවරණ කොමිෂණ් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක , පාර්ලිමේන්තු මහ ලේකම් නමි කර තිබෙි.

අපේ ජනබල පක්ෂය විසින් තමාගේ පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමටගත් තීරණය නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන තීරණය බල රහිත කරන ලෙසත් , තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමී නොවූ බවට ප්‍රකාශයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර අතුරලියේ රතන හිමියෝ සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here