බැසිල්ගේ මංගල අයවැය හෙවත් මෙරට 76 වන අයවැය අද පාර්ලිමේන්තුවට

0
342

2022 වසර සඳහා වන අයවැය අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද පස්වරු 02.00ට අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මෙරට 76වන අයවැය මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව ද මෙය වෙයි.

විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් මස 07 වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්මේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය  පැවැත්වීමට නියමිතය.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

අයවැය ඉදිරිපත් කරන කාලසීමාව තුළ මහජන ගැලරිය මහජනතාවට විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරින් සීමිත පිරිසකට පමණක් සහභාගීවීමට අවස්ථාව ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here