Tuesday, September 24, 2024

පාකිස්තානයේ අපරාජිත ගමන නවතමින් ඔිස්ට්‍රෙිලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඊයෙ ඩුබායිහිදී පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ඔිස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට ලබාදීමටය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 176ක් රැස් කළේය.

මැතිව් වේඩ් පන්දු 17කින් ලකුණු 41ක් සහ මාකස් ස්ටොයිනිස් පන්දු 31කින් ලකුණු 40ක් සමඟින් පන්දු 41කින් නොබිදුණු ලකුණු 81ක සටන්කාමී පිති හරඹය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම ලෙස අවසන් පූර්ව වටයට පිවිසි පාකිස්තානය තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් මහා තරගයට එක් වීමට ඔිස්ට්‍රේලියාව සමත් විය.

ඔිස්ට්‍රේලියාව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට එක් වූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, 2010දී අනුශූරතාවෙන් සෑහීමට සිදුව තිබිණි. එවර ද අවසන් පූර්ව තරගයේදී ඔිස්ට්‍රේලියාව හමුවේ පාකිස්තානය පරාජයට පත් විය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔිස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී පන්දුවාර 19කදී ලකුණු 177ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය.

ඒ අනුව ඔිස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තය සමග එළඹෙන 14 වනදා අවසන් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

පාකිස්තානය 176/4 (ඕවර 20) මොහොමඩ් රිස්වාන් 67, ෆකාර් සමාන් නොදැවී 55

ඔිස්ට්‍රේලියාව – 177/5 (ඕවර 19) ඩේවිඩ් වෝනර් 49, මැතිව් වේඩ් නොදැවී 41, මාකස් ස්ටොයිනිස් නොදැවී 40

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles