Tuesday, September 24, 2024

රාජ්‍ය නිලධාරීන්ට සහ ඇමතිවරුන්ට ලබාදෙන ඉන්ධන දීමනාව මසකට ලීටර 5 කින් අඩු කෙරේ

රාජ්‍ය නිලධාරීන්ට ලබාදෙන ඉන්ධන දීමනාව ලීටර 5 කින් අඩු කරන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා 2022 වසරේ අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

එමෙන්ම රාජ්‍ය ආයතනවල දුරකථන වියද ම ද සියයට 25කින් කපා හැරීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

එමෙන්ම අමාත්‍යංශවල පරිපූරක ඇස්තමේන්තු ඉල්ලීමෙන් වළකින ලෙසටයි ඔහු කියාසිටියේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ලැබීමේ කාලය වසර 10ක් දක්වා දීර්ඝ කරන බව ද 2022 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කියාසිටියා.

විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට නව වැටුප් ව්‍යූහයක් ද යෝජනා කර තිබෙනවා.

ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට රාජ්‍ය සේවයේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගන්නා බවයි මුදල් අමාත්‍යවරයා කියාසිටියේ.

සමෘද්ධි ප්‍රතිලාභීන් තෝරා ගැනීමට තාර්කික ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බවද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනාව මාසයකට ලීටර් 5 කින් අඩු කිරීමට ද පියවර ගැනෙනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles