Monday, September 23, 2024

නාගරික නිවාස සංවර්ධනයට මිලියන 5000 ක් වෙන් කෙරෙන අතරම ගම සමඟ පිළිසඳර වැඩසටහන වෙනුවෙන් වසමකට ලක්ෂ 30 බැගින් වෙන් කෙරේ

නාගරික නිවාස සංවර්ධනය මිලියන 5000ක් සහ ග්‍රාමීය නිවාස සංවර්ධනයට මිලියන 2000ක්, වතු ලැයිම් කාමර ඉවත් කිරීමට තවත් මිලියන 500ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙරට 76 වැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා.

ගම සමඟ පිළිසඳර වැඩසටහන වෙනුවෙන් වසමකට ලක්ෂ 30 බැගින් වෙන් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වෙනුවෙන් ලක්ෂ 40ක මුදලක් වෙන් කර තිබෙනවා.

මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව වන්නේ, ගම සමඟ පිළිසඳර ග්‍රාමීය වැඩසටහන. මේ සඳහා මෙරට තියෙන ග්‍රාම සේවා වසම් 14,021ක ටම එක ග්‍රාම සේවා වසමකට භේදයකින් තොරව රු මි 3ක් නැත්නම් ලක්ෂ 30ක් අපි වෙන් කරනවා. ඒ අනුව මිලියන 42,063ක් වෙන් කරනවා. කුඩාම පළාත් පාලන ආයතනය ඒකකය තමයි මෙහි කොට්ඨාසය. කොට්ඨාස 4,917ක් ලංකාවේ තියෙනවා. ඒ හැම කොට්ඨාසයකට ම මිලියන 4ක් නැත්නම් ලක්ෂ 40ක් වෙන් කරනවා “

මේ අතර සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ට ම සිය කොට්ඨාසය තුළ සංවර්ධන කටයුතු සඳහා රාජ්‍ය අයවැයෙන් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන තවත් මිලියන 5කින් වැඩි කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව 2022 වර්ෂය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ටම රුපියල් මිලියන 15 බැගින් රුපියල් බිලියන 3,375ක මුදලක් සංවර්ධන මුල්‍ය ප්‍රතිපාදන ලෙස හිමි වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles