Sunday, September 22, 2024

පොහොර අර්බුදයට විසඳුමක් ලෙස යූරියා ගෙන්වන්න SMගෙන් කැබිනට් යෝජනාවක්

මෙරට පොහොර අර්බුදයට විසඳුමක් ලෙස පොහොර නිෂ්පාදනය ප්‍රමාණවත් පරිදි සිදු කරන තෙක් අවම වශයෙන් 50%ක් යූරියා ගෙන්වීමට ඊයේ (12) කැබිනට් මණ්ඩලයේදී අවසර ඉල්ලා සිටි බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසා තිබුණා.

මෙරට පොහොර නිෂ්පාදනය ප්‍රමාණවත් පරිදි සිදු කරන තෙක් අවම වශයෙන් යූරියා පොහොර හෝ ආනයනය කළයුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. වගාවට අවශ්‍ය නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යූරියා වගාවට යෙදීම අනිවාර්ය වී ඇති බවත් ඒ අනුව අවම වශයෙන් 2022 වසරේදී යූරියා පොහොර අවශ්‍යතාවයන් 50% ක් වත් ආනයන කිරීමට අවසර ලබාදීම යෝග්‍ය බව ඇමතිවරයා සඳහන් කරනවා.

ඉන්පසු 2023 වසරේදී එම ප්‍රමාණය 25% ක් දක්වා අවම කර ක්‍රමානුකූලව 2025 වසර වනවිට යූරියා ආනයන සම්පූර්ණයෙන් අත්හිටුවීමට හැකියාව තිබෙන බවද ඔහු සඳහන් කරනවා. ඒ වනවිට රටතුළ පොහොර නිෂ්පාදනය කිරීමට හැකිවන බැවින් ඉන්පසු යූරියා ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඊයේ පාර්ලිමේන්තුව අමතමින් චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles