Sunday, September 22, 2024

පොහොර නැව ආපසු ගෙන යන්න රජයට කොන්දේසි දමයි

චීන පොහොර නැව මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් නාවික සැතපුම් 12 ක වපසරියට මායිම්ව කළුතරට නුදුරු ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම්ලා තිබේ.

මෙම කාබනික පොහොර නැව ආපසු රැගෙන යාම සඳහා චින්දාවෝ සී වින්ග් බයෝටෙක් සමාගම රජයට කොන්දේසී කිහිපයක්  ඉදිරිපත් කර තිබෙනවා.

එක් කොන්දේසියක් මෙන්ම ප්‍රධාන කොන්දේසිය වන්නේ නැව ආපසු රැගෙන යාමට හේතුව ලෙස ශාක නිරෝධායන සේවයේ අනුමැතියකින් තොරව පැමිණිම පමණක් බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීමයි.

ඒ සමඟම නැව රැගෙන ගොස් ආපසු පැමිණිම සඳහාත් ප්‍රමාද වූ දින ගණන සඳහාත් අලාභය ගෙවිය යුතු බවට ද චින සමාගම කොන්දේසියක් ඉදිරිපත් කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ නැවට කිසිඳු ගාස්තුවක් තමන් විසින් නොගෙවන බවයි.

තවද නැව රැගෙන ගොස් ආපසු පැමිණිම සඳහාත් ප්‍රමාද වූ දින ගණන සඳහාත් අලාභය ගෙවිය යුතු බවට ද චින සමාගම කොන්දේසියක් ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් රජය පාර්ශවය අවධාරණය කරන්නේ නැවට කිසිඳු ගාස්තුවක් නොගෙවන බවත් ඇනවුම් නොකළ භාණ්ඩයක් සඳහා කිසිඳු මුදලක් ගෙවීමට නීතිමය බැඳීමක් නොමැති බවත්ය.

ඒ සමඟම නැව රැගෙන ගොස් ආපසු පැමිණිම සඳහාත් ප්‍රමාද වූ දින ගණන සඳහාත් අලාභය ගෙවිය යුතු බවට ද චින සමාගම කොන්දේසියක් ඉදිරිපත් කර තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ නැවට කිසිඳු ගාස්තුවක් තමන් විසින් නොගෙවන බවයි.

ඇනවුම් නොකළ භාණඩයක් සඳහා කිසිඳු මුදලක් ගෙවීමට නීතීමය බැඳීමක් නැතැයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ පවසා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles