Saturday, September 21, 2024

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක සංශෝධනය වූ සුරාබදු මිල ගණන් මෙන්න

මෙවර අයවැය යෝජනාවලියට අනුව වැඩි කරන ලද සුරා බදු අගයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව දේශීය විශේෂ අරක්කු ලීටරයක් සඳහා අය කෙරෙන නිෂ්පාදන බද්ද රුපියල් 4180 දක්වා ඉහළ නංවා ඇති අතර එය ලීටරයකට රුපියල් 380 ක බදු වැඩි කිරීමක්.

එමෙන්ම දේශීය නිෂ්පාදිත පොල් අරක්කු ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 4460 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

එහි බදු ඉහළ දැමීම ලීටරයකට රුපියල් 410 ක් වන බව සඳහන්.

මෙරට නිෂ්පාදනය කෙරෙන විදේශීය මත්පැන් ලීටරයක් සඳහා රුපියල් 4570 ක බද්දක් අය කෙරෙන අතර එය ලීටරයකට රුපියල් 420 ක බදු ඉහළ දැමීමක්.

සැර සියයට 05 ට අඩු මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 3300 දක්වාද සැර සියයට 05 ට වැඩි මත්පැන් ලීටරයක් සඳහා වන බද්ද රුපියල් 3450 දක්වාද ඉහළ දමා තිබෙනවා.

රා හැර අනෙකුත් ශාඛ නිෂ්පාදිත මත්පැන් ලීටරයක් සඳහා රුපියල් 3300 කින් ඉහළ දමා ඇති අතර එහි බදු වැඩි වීම සිදුව ඇත්තේ ලීටරයකට රුපියල් 100 කින්.

මෙම සංශෝධිත බදු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles