Saturday, September 21, 2024

මුළු රටටම බලපාන වෙළඳපොලේ අසාමාන්‍ය එළවළු හිඟයක් ? කන්නත් නැති වෙන ලකුණු

මුළු රටටම එකලෙස බලපාන අසාමාන්‍ය ආකාරයේ එළවළු හිඟයක් ඇති වී තිබෙි. ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග ද මෙි අනුව විශාල ලෙස අඩු වී තිබෙනවා. වගාවන් සඳහා පොහොර නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි ගොවීන් හා ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වන පරිදි සාමාන්‍යයෙන් ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් ලක්ෂ 30 – 35ක් පමණ වන අතර එය ලක්ෂ 50 සීමාවද ඉක්මවා ගිය අවස්ථා තිබෙනවා. මේවන විට එයින් ලක්ෂ 2-3ක් දක්වා පහතට වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම පහතරට නෙළන එළවළු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණීමේ හිඟකම මෙහිදී කැපී පෙනුනා. දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයෙන් ලැබෙන වාර්තා පවසන්නේ මෙයට ආසන්නම හේතුව වන්නේ අයහපත් කාලගුණික තත්ත්වය බවයි.

දැනට මාස ගණනක් පුරා පැවති පොහොර හිඟය නිසා ඇතැම් ගොවීන් මේ වනවිට ගොවිතැන අත්හැර දමන තත්ත්වයක් දක්වා පසුබට වී ඇති බවත් කියවෙනවා. පොහොර නොදීම හේතුවෙන් අස්වැන්න අඩුවී තිබෙන වගාවන්හි සමහර ගොවියන් තම අස්වැනු නෙලීමට හෝ උනන්දුවක් දක්වන්නේ නැති බවයි කියන්නේ. පොහොර හිඟය සම්බන්ධයෙන් නිසියාකාර විසඳුමක් මේ වනවිටත් ලැබී නැති අතර අයහපත් කාලගුණික තත්ත්වයන්ද එළවළු වගාවන් සඳහා අයහපත් බලපෑම් ඇති කරන බවයි පැවසෙන්නේ.

සිංහල – දෙමළ අලුත් අවුරුද්ද වනවිට ලංකාවේ එළවළු නැත්තටම නැති වී යා හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විසින් පෙන්වා දී තිබේයැයි මාධ්‍ය වාර්තා පවසනවා.

ඇතැම් ගොවීන් මේ වනවිට ගොවිතැන අත්හැර දමන තත්ත්වයක් දක්වා පසුබට වී ඇති අතර, සමහර ගොවියෝ තම අස්වැනු නෙලීමට හෝ උනන්දුවක් දක්වන්නේ නැත.

මෙරට පසුගිය මාස කිහිපය පුරාම ගොවීන් තමන්ට අවශ්‍ය එළවළු හා කෘෂි රසායන ඉල්ලා විවිධාකාරයේ විරෝධතා පෙළපාලි හා උද්ඝෝෂණ පවත්වනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles