ඇමති කෙහෙළිය ගෙනා යෝජනාව ජනපති ඉවත දමයි

0
329

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ඉල්ලීමක් ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරට මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතාගේ නම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් යෝජනා කර තිබෙනවා.

නමුත් ජනාධිපතිවරයා එම යෝජනාව ඉවත දමා ඇතැයි වාර්තා වනවා.

පසුව ජනාධිපතිවරයා වෛද්‍ය සවීන් සේමගේ මහතා ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක තනතුරට පත් කර තිබෙනවා.

සේමගේ මහතා යුද හමුදා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාවන අතර ඔහු එන්නත්කරණ වැඩසටහනද බාරව කටයුතු කළා.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ධූරයට වෛද්‍ය ඩී.එස් සමරසිංහ මහතා ජනාධිපතිවරයා විසින් පත්කර ඇතැයි සඳහන් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here