අවදානමි පහළ කඩුගන්නාවේ භෞතික පරීක්ෂණයක් ආරම්භ කෙරේ

0
348

කොළඹ – නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමේ අවදානමට ලක්ව ඇති ස්ථානයේ භෞතික පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයනත කිහිපයක නියෝජිතයින් පිරිසකගේ සහභාගීත්වයෙන්.

පහල කඩුගන්නාව කඳුකර ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ පොළොව විද පරීක්ෂා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එම ස්ථානයේ ගල්තට්ටුව මත ඇති ජලය ඉටි උර මගින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 30 කට ආසන්න සංඛ්‍යාක් ඉවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

නායයාමේ අවදානම හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා දමීමටයි පියවර ගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here