ආණ්ඩුව ‌සෞඛ්‍යට වෙන් කළ මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන හයකින් අඩු කරලා

0
453

රටේ දරුණු වසංගතයක් පැතිරෙමින් තිබෙන අවස්ථාවකදීත් ආණ්ඩුව සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කළ මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන 6කින් අඩු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා 2022  අය-වැය සම්බන්ධයෙන් මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

රටේ ජනතාවගේ සෞඛ්‍ය මෙන්ම බඩගින්දර ගැන නොසිතන ආණ්ඩුවක් කුමටදැයි එජාප නියෝජ්‍ය නායකයා ප්‍රශ්න කළේය.

මෙය ජනතාව මුලා කරන අය-වැයක් බව කී විජයවර්ධන මහතා  අද රටේ ජනතාවට කන්න  හාල්, සීනි ඇතුළු කිසිවක් නැතැයි ද  මෙවැනි රටක බොරු අයවැයක් ඉදිරිපත් කර ආණ්ඩුව  ජනතාව රවටමින් සිටින්නේ යැයි ද කීය.

රටේ අනාගතයක් නැති බව තරුණ පරපුරට වැටහී දැන් ඔවුන්  රට අතහැර යන්නට පටන් ගෙන තිබෙන බවත් රටේ ආර්ථිකය හදන්න මොළය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ  පක්ෂයේ නායකත්වයට පමණක් බවත් දැන් ජනතාවට වැටහෙමින් තිබෙන බව ද එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here