Saturday, November 16, 2024

ඉන්දියාවේ ගොවීන් නවදිල්ලිය වැටලුවා වගෙ කෙතරම් බාධා පැමිණියත් ලබන 16 වෙනිදා කොළඹ වටලනවා – සජබ

කොරෝනා පෙන්වමින් ආණ්ඩුව රැස්වීම සීමා කිරීම සදහා ගැසට් ගසන්නේ 16 වැනිදා කොළඹට පැමිණෙන ජනතාවට බියවී බවත්, ආණ්ඩුවේ තර්ජනයන්ට නොබියව යොදා ගත් පරිදි 16 වැනිදා ආණ්ඩුවට එරෙහිව දැවැන්ත රැලිය කොළඹ පවත්වන බවත් සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙන් සදහන් කර සිටියේය.

එම ප්‍රකාශකයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත වැඩපිළිවෙළට එරෙහිව දැනටමත් විශාල ජනතාවක් කොළඹට පැමිණීමට සූදානමින් සිටින බවකි.

මේ බව වටහාගෙන ඇති ආණ්ඩුව කොරෝනා පිට දමා උද්ඝෝෂණ නැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ගැසට් ගසා ජනතා විරෝධය යටපත් කළ නොහැකි බවත් එම ප්‍රකාශකයා සදහන් කර සිටියේය.

කොවිඩ් වසංගතයෙන් දහස් ගණනක් ජනතාව ජීවිතක්ෂයට පත්වන අවස්ථාවේදී ස්ථාපිත නොකල සෞඛ්‍ය නීති හදිසියේ ගෙනඒම හරහා සිය විරෝධතාව පිළිබද ආණ්ඩුව අභ්‍යන්තරයේ හටගෙන ඇති නොසන්සුන්තාව මනාව පැහැදිලි වන බවයි පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ.

මෙි අතර ඉන්දියාවේ ගොවීන් කොවිඩ් තිබිය දී නවදිල්ලිය වැටලුවා වගේ අපි මුළු මහත් බහුතර ජනතාව සමග 16 වෙනිදාට කොළඹ වටලන බවත් ඒ වෙනුවෙන් හිර බත් කන්න වුණත් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න (14)දින විපක්ෂනායක කාර්යාලයේ දී පැවසීය .

ජීවන වියදම ඉහළයාම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන මෙම මහජන විරෝධතා රැළිය ලබන අගහරුවාදා පස්වරු 02 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles