ජනපති-මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන මුදල් ඇමතිගෙන් අනාවරණයක්

0
370

ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්‍රාම වැටුපක් ලැබීමට වසර දහයක් සේවය කළ බවට වූ යෝජනාව ඉදිරිපත් කළේ ආණ්ඩු පක්ෂයේ සිටින තරුණ මන්ත්‍රීවරුන් බවත් තමා ඒ මන්ත්‍රීවරුන්ට ගරු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් සියයට හතළිහක්ම සිටින්නේ තරුණ මන්ත්‍රීවරුන් බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නව පනතකින් සකස් කළ යුතු වන බවත් ඒ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ද සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මුදල් ඇමතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here