ඉදිරි දින කිහිපය තුල තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බව ලංකා සම සමාජ පක්ෂ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ පවසයි

0
333

මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන තර්ජන හා ආණ්ඩුවේ මහජන විරෝධී ක්‍රියාවන් පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇතත් පක්‍ෂ නායකයන් ඒ සඳහා කිසි ප්‍රතිචාරයක් දක්වා නැති බව පක්ෂ නායක තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

එම තත්ත්වය යටතේ ආණ්ඩු යටතේ සන්ධානගතව නොසිටිය යුතු බව තම අදහස බවද ඔහු පැවසීය.

ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන පක්ෂ දේශපාලන මණ්ඩලයට ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here