ඇෆ්ගනිස්තාන භුමිය ත්‍රස්තවාදය ප්‍රව⁣ර්ධනය කිරීමට යොදා නොගතයුතු බවට රටවල් අටකින් ප්‍රකාශයනයක්.

0
716

ඉන්දියාවේ දිල්ලි අගනුවරදී රැස්වූ රටවල් අටක ජාතික ආරක්ෂක උපදේශකවරුන් ඇෆ්ගනිස්තානය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් එළිදක්වා තිබේ.

මෙම දිල්ලි ප්‍රකාශනයට ඉන්දියාව,රුසියාව, ඉරානය, කසකස්තානය, තජිකිස්තානය, තුර්ක්මේනිස්තානය, කිර්ගීස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් අත්සන් තබා ඇත.

එහිදී මූලිකව අවධාරණය කර ඇති කරැණු අතර ඇෆ්ගනිස්තාන භුමිය කිසිදු ආකාරයක ත්‍රස්තවාදී කටයුත්තක් සදහා යොදාගැනීමට ඉඩ ලබා නොදිය යුතු බව කැපී පෙනේ.

ඇෆ්ගනිස්තානය තුළ සියලු පාර්ශවවල සහභාගිත්වයෙන් යුත් රජයක් පිහිටුවිය යුතු බවද එමගින් අවධාරණය කර ඇත.

එරට තුළ ආරක්ෂාව සහතික කළ යුතු බවද සදහන් කරන දිල්ලි ප්‍රකාශනය මෑතකදී කාබුල්, කන්දහාර් සහ කුන්දුස්හි සිදූවූ බෝම්බ ප්‍රහාරද හෙළා දැක තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here