පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (15) සිට වසා දැමීමට තීරණය කර තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ යන මහත්රුන් ඊයේ පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ විශේෂ මාධ්‍ය හමුවක් හෙට පස්වරුවේ පවත්වමින් මේ පිළිබඳව නිලවශයෙන් ප්‍රකාශ කරන බවයි.
පිරිපහදුව වසා දැමීමට හේතුව බොරතෙල් නොමැති වීම බවත් බොතෙල් රැගත් නැවක් ලබන දෙසැම්බර් මස තුන්වැනි සතියේ පැමිණීමට නියමිතව තිබීම නිසා ඒ දක්වා සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට සිදුව ඇති බවත් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා පැවසීය.
දෙසැම්බර් මස ළගා වන බොරතෙල් නැවෙන් ලැබෙන බොරතෙල් මෙටි්රක්ටොන් 90000 දින 15 කට පමණක් ප්‍රමාණවත් බවත් නැවත ජනවාරි මස මැද බොරතෙල් ලැබීමට නියමිත බවත් දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ කිසිදු තෙල් හිඟයක් ඇති නොවන බවයි. අවශ්‍ය තෙල් තොග රට තුළ තිබෙන බවත් තෙල් හිඟයක් එන්නේ නම් තමා ඊට කලින් පවසන බවයි.
බොරතෙල් ටෙන්ඩරවලට ඉල්ලුම්කරුවන් නැතිවීම හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබේ. එම පිරිපහදුවේ උසස් නිලධාරියෙක් මේ බව තහවුරු කරයි.
පිරිපහදු කිරීමට බොරතෙල් නොමැතිවීම හේතුවෙන් තෙල් පිරිපහදුව වසා දමන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ.
බොරතෙල් රැගත් නැවක් මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් මස තුන්වැනි සතියේය.
ඒ වන තෙක් බොරතෙල් පිරිපහදුව වසා දැමීමට සිදු වනු ඇතැයි තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කියා සිටියි.
මෙි අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියා සිටියේ , පිරිපහදු කටයුතු සඳහා අවශ්‍ය බොරතෙල් අවසන්වීම මෙයට හේතුවී ඇති බවයි.
කොළඹ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආනන්ද පාලිත මහතා එම අදහස් පළ කළේය.
එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
“ඉතිහාසයේ පළවෙනි වරට පිරිපහදුව නවත්වනවා. බොරතෙල් ලෝකයේ නැති හින්දා නෙමෙයි පිරිපහදුව හෙට වහන්නේ. ඇති වෙනකම් බොරතෙල් තියෙනවා. ඩීසල් සහ පෙට්‍රල් විතරයි නිත්‍ය ඇනවුම් තියෙන්නේ. පෙට්‍රල් ජනවාරි වෙනකම් තියෙනවා. ඇමති කියන පරිදි මේ මාසයෙන් පස්සේ ඩීසල් එනවද කියන එක ඇමති කියන්න ඕනේ. ඔක්තේම්බර් 5 වනදා පස්සේ නැවක් තාම නැහැ. ඒක හින්දා මාස තුනක් පිරිපහදුව දිව්වේ දිනකට මෙට්‍රික්ටොන් 3,500ක 50%ක අඩුවෙන්. ඕනනම් ආපසු මාව CID දායි. හැබැයි කිව්වේ ඇත්ත. භූමිතෙල් නිෂ්පාදනය නවතිනවා. තමා කිසිම ඇනවුමක් නැහැ. හදිසි මිලදී ගැනීම්වලට යන්න වෙන්නේ. ඒ ගත්තත් මාස දෙකක් තුළ ඉන්ධන මිල සූත්‍රය ඇවිල්ලා ජනතාව නොමාර මරණ එක මරණවා. ඉන්ධන ඉදිරියේදී සලක සහ පෝලින් ක්‍රමයට තමයි දෙන්න වෙන්නේ.”
මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි.
“සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට ඉදලා වහනවා කියන කථාබහ එළියට ඇවිල්ලා තියෙනවා. මේකට හේතුව වන්නේ ඇනවුම් කරපු බොරතෙල් එහෙමත් නැත්නම් අපේ ටෙන්ඩර්වලට බොරතෙල් සැපයුම්කරුවන් සහභාගී නොවීම. අපිට ඉතාම වගකීමෙන් කියන්න පුළුවන් බොරතෙල් පිරිපහදුව වෙනුවට පිරිපහදු කළ තෙල් ලංකාවට ගෙනල්ල ඒ කිසිම අඩුවකින් තොරව බෙදන්න වග බලාගන්නවා.”