දෙසැම්බරයේ යළිත් රට වසා දැමීම පිළිබඳ GMOA අනතුරු ඇඟවීමක්

0
497

ජනතාව මේ වන විට සෞඛ්‍ය පුරුදු අමතක කිරීම හේතුවෙන් දෛනිකව රෝහල්වලට පැමිණෙන කොවිඩ් රෝගීන් ප්‍රමාණය ක්‍රමික වැඩි වී ඇති බවත් මෙලෙස තවදුරටත් වැඩි වීම් සිදු වුවහොත් රට දෙසැම්බරයේ නැවතත් වසා දැමීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා පැවසීය.

මේ දින කිහිපය තුල දිනකට නව රෝගීන් 700 ඉක්මවා හමුවන බවත් එමෙන්ම දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාවද නැවත වතාවක් ඉහළ යමින් පවතින බවයි ඒ මහතා පවසන්නේ.

මේ තත්වය තුල රෝහල් සදහා පැමිණෙන කොවිඩ් රෝගීන් ප්‍රමාණය වැඩි වී ඇති බවත් ඒ හේතුවෙන් විශාල කොවිඩ් රැල්ලක් නැවතත් පැමිණීමේ හැකියාවක් පවතින බව ඔහු අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here