මැතිවරණ කාලසීමාවේදී වේදිකාවේ තමන් ඇතුළු පක්ෂය එක බිම් අඟලක් හෝ කිසිවෙකුට නොදෙන බවට පොරොන්දු වුවද මේ වනවිට සියල්ල විකිණෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස මහතා රාජපක්ෂ මහතා පැවසීය.
චීනයට විකුණන ලද ද හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නා බවට පොරොන්දු වී බලයට පැමිණි අය අද රටේ දේපළ විකුණා දමමින් සිටින බවත් ඔහු සඳහන් කරයි.
අද වන විට චීනයට රටේ හදවත විකුණා දමා ඇති බවත් ඇමරිකාවට පෙනහළු විකුණා දමා ඇති බවත් ඔහු කියා සිටියේය.
විදේශිකයන්ට මෙරට සම්පත් විකුණා දැමීම එය සාප වන පාපකර්මයක් යයිද ඔහු පැවසීය.
විපක්ෂයේ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා පපුවට ගහගෙන මහපොළොව සිපගත් මහින්ද රාජපක්ෂ මහතාගේ හදවත අද කම්ප වෙනු ඇතැයි තමන් සිතන බවත් ඔහු සදහන් කරයි.
අද අපට කිසිවක් ඉතුරු නොවී සියල්ල එකින් එක විකුණමින් පවතින බවද ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පැවති අය-වැය විවාදයේ දීය.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා.
“අපි පහුගිය මැතිවරණ දෙකේදී උගුර ලේ රහ හැදෙනකන් කෑ ගැහුවා අපි හම්බන්තොට ආපහු ගන්නවා, අපි එක බිම් අඟලක්වත් කාටවත් දෙන්නේ නැහැ කියලා. ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවත් රට දෙවනුවත් රට තුන්වනුවත් රට කියලා පපුවට ගහලා මහපොළොව ඉම්බා. අද එතුමාගේත් හද කම්පා කරනවා ඇති. අද අපිටෙයි කියලා මොකක් වත් නෑ ඔක්කොම එකින් එක විකිණෙමින් යනවා.”