කොවිඩ් පාලනය ඇතැමුන් විරෝධතා උද්ඝෝෂණ ඔස්සේ හිතාමතා විනාශ කිරීමට උත්සාහ කරනවා

0
285

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු බොහෝ පිරිස් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගත් කොවිඩ් පාලනය ඇතැමුන් විරෝධතා උද්ඝෝෂණ ඔස්සේ හිතාමතා විනාශ කිරීමට පහත් මට්ටමේ උත්සාහයන් ගනු ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජනතාවගේ මූලික අයිතියක් වන සෞඛ්‍ය ආරක්ෂාව උපරිමයෙන් ඔවුනට ලබා දීම රජයක වගකීම බවත් එනිසා රටෙහි සියලු පුරවැසියන් වෙනුවෙන් එය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය බැඳී සිටින බවත් අමාත්‍යවරයා කීය. ඊයේ (15) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කීය.

කිසියම් කණ්ඩායමක් මේ මොහොතේ ජනතාව ඒකරාශී කරවීමට පහත් අයුරින් කටයුතු කරන්නේ නම් එය සමස්ත ජනතාවගේම සෞඛ්‍යට මහත් තර්ජනයක් කිරීමක් යැයිද හෙතෙම පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here