රියාජ් බදියුදීන් ‘දැඩි කොන්දේසි මත’ රැඳවුම් භාරයෙන් මුදා හැරේ

0
311

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් දැඩි කොන්දේසි මත රැඳවුම් භාරයෙන් මුදා හැරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) නියෝග කර තිබෙනවා.

රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය කර තිබුණා.

ඔහුට කොළඹ නගර සීමාවෙන් පිටතට යාම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර ඇති අතර සෑම මසකම පළමුවන සහ තුන්වන ඉරිදා දිනයන්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළයුතු බවත් විදේශගත වන්නේ නම් අධිකරණයෙන් අවසර ලබාගත යුතු බවත් නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here