අද සජබෙ විරෝධතාව සඳහා අධිකරණයෙන් අවසර ඇත

0
419

ජීවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් සමගි ජනබලවේගය අද (16) සංවිධාන කර ඇති විරෝධතාව සඳහා කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඊට අදාළ නඩුව අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය හමුවේ කැඳවූ අවස්ථාවේ නියෝග කරනු ලැබුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අදාළ විරෝධතාව පැවැත්වීම සඳහා අවසර ලබාදෙන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරු 2ට කොළඹ – විහාරමහාදේවි උද්‍යානය අසල දී පැවැත්වීමට නියමිත මෙම විරෝධතාව තහනම් කරන්නැයි ඉල්ලා පොලිසිය අධිකරණ නියෝග ඉල්ලා සිටියා.

බොහෝ අධිකරණ එම ඉල්ලීම් ඊයේ (15) ප්‍රතික්ෂේප කළ අතර ඇතැම් අධිකරණ පොලිසිය කරනු ලැබූ ඉල්ලීම පිළිගෙන විරෝධතා පැවැත්වීම තහනම් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here