බොරැල්ල පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණයෙන් අද දුන් නියෝගය

0
311

සමගි ජන බලවේගය විසින් අද (16) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා බොරැල්ල පොලීසිය විසින් කළ තවත් ඉල්ලීමක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ප්‍රතික්ෂේප කළාය.

බොරැල්ල පොලීසිය විසින් අදාළ ඉල්ලීම අද යළි ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී සමගි ජන බලවේගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පොලීසියේ ඉල්ලීමට විරෝධය පළකළ අතර එය ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා සිටියේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය, අනතුරුව පොලීසිය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here