වර්ෂාවෙන් වී වගාවට හානි වූවන්ට සහන ලබා දීමට රජය තීරණය කරයි

0
529

වැස්සෙන් වී වගාවට හානි වූවන්ට සහන ලැබෙන්නේ මෙලෙසයි
16.11.2021

පවතින අධික වර්ෂාව නිසා හානියට පත්ව ඇති වගා කළ කුඹුරු ඉඩම්වල හානිය තක්සේරු කොට එම ඉඩම් හිමි ගොවීන්ට සහන ලබා දීමට රජය තීරණය කර තිබෙනවා

මෙම හානි තක්සේරු කර ,සහන ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන බව සඳහන්

ඒ අනුව වර්ෂාවෙන් හානියට පත් කුඹුරු ඉඩම් හිමියන්ට නැවත වී වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර ඇතුළු සහනාධාර ලබා දීම සඳහා අදාළ ඇස්තමේන්තු සකස් කර ඉදිරිපත් කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (15) උපදෙස් ලබා දී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here