ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැ⁣ටලීම

0
660

කටුනායක ගුවන් තොටුපළ තුළ මෙතෙක් සිදු කළ විශාලතම කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම ඊයේ (15) උදෑසන සිදු කර තිබෙනවා.

ටියුනීසියානු ජාතිකයෙකු සතුව තිබී රුපියල් කෝටි 18 ක් වටිනා මෙම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04ක් සහ ග්‍රෑම් 527ක් සොයා ගත් බවයි රේගුව සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ශ්‍රී ලංකාවට පැමිණි 59 හැවිරිදි මෙම ටියුනීසියානු ජාතිකයා ටියුනීසියාවේ සිට බ්‍රසීලයටද එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ද ඉන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ද පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here