අයවැයෙන් සෞඛ්‍යට වෙන්කළ මුදල මදි – රනිල්

0
331

සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වෙන් කළ මුදල මෙවර අයවැයෙන් රුපියල් බිලියන 67 කින් අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා (එජාප) පාර්ලිමේන්තුවේ දී ඊයේ (16) පැවසීය .

මුදල් ඇමතිවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට පිළිතුරක් දිය යුතු බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

පසුගිය අයවැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය  සදහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබූ නමුත් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 234ක් පමණක් බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ අනුව බිලියන 67 ක මුදලක් අඩු කර තිබෙන බව සඳහන් කළේය.

මෙලෙස මුදල් අඩු කර කොරෝනා හෝ වෙනත් වසංගතයක් පාලනය කෙරෙන්නේ කෙසේදැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here