පකිස්තානයේත් තෙල් මිල වාර්තාගත ලෙස ඉහළට.

0
434

පකිස්තානයේ ද ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

එරට වාර්තා සදහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 146 ක් ලෙස ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කර ඇති බවයි.

ලෝක වෙළෙදපළේ බොර තෙල් මිල ඉහළ ගියහොත් ඉන්ධන මිල තවදුරටත් ඉහළ නැංවීම හැර විකල්පයක් නොමැති බව පකිස්තාන රජයේ මූල්‍ය උපදේශක ෂයිකාත් ටාරින් සදහන් කර තිබේ.

මේ අතර ඉන්ධන මිල ඉහළයාමට එරෙහිව පකිස්තාන විපක්ෂය මේ වන විට අඛණ්ඩව විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති බව ද එරට වාර්තා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here