ඉන්දියාව සමග යහපත් රාජ්‍යතාන්ත්‍රික සබදතාවයක් පවත්වාගෙනයාමට අවශ්‍ය බව තලේබාන් සංවිධානය කියයි.

0
373

ඉන්දියාව සමග යහපත් රාජ්‍යතාන්ත්‍රික සබදතාවයක් පවත්වාගෙනයාමට අවශ්‍ය බව තලේබාන් සංවිධානය සදහන් කර තිබේ.

තලේබාන් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් සදහන් කර ඇත්තේ ඔවුන්ගේ පාලනය යටතේ ඇෆ්ගනිස්තානය කිසිදු රටකට එරෙහිව යොදා ගැනීමට ඉඩ නොතබන බවයි.

ලෝකය සමග සහයෝගයෙන් ක්‍රියාකිරීම වත්මන් ඇෆ්ගනිස්තානයේ අපේක්ෂාව බවද ඔහු සදහන් කර තිබේ.

තලේබාන් ප්‍රකාශකවරයා මෙම අදහස් පළකර ඇත්තේ ඇෆ්ගනිස්තානය පිළිබද ඉන්දියාවේ පැවති විශේෂ කලාපීය සමුලුවෙන් අනතුරැවය.

මෙම සමුලුවට ඉන්දියාව ,රුසියාව ,ඉරානය සහ මධ්‍යම ආසියානු රටවල් සම්බන්ධ වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here