මහා පරිමාණ ඉන්ධන හිඟයක් ළග ළඟම..?

0
364

රට තුළ මහා පරිමාණ ඉන්ධන ඉතිරියක් අත ළඟ බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය කියා සිටියි.

ඒ මහතා පවසා සිටියේ ආණ්ඩුව මොනවා කීවත් රට තුළ බරපතළ ඉන්ධන අර්බුදයක් තිබෙන බවයි.

එහි කැඳවුම්කරු වූ ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ඉදිරියේ ඉන්ධන නැවක යම් හෝ ගැටලුවක් වුවහොත් ඉන්ධන සැපයුම බිඳ වැටෙන බවයි.

දැනට ද මෙරට තුළ භූමි තෙල් නිෂ්පාදනය නොකරන බවත් භූමි තෙල් හිඟයක් ඇතිවී ඇති තිබෙන බවත් ඔහු පැවසීය.

ඊයේ (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව සඳහන් කළ ආනන්ද පාලිත මහතා එහිදී මෙසේද සඳහන් කළේය.

“පෙරේදා තමයි ඩීසල් මෙ. ටොන් 38000ක් තිබෙන නැව ජැටියට ආවේ. අද උදේ ඉඳන් තමයි ඒ තෙල් අපට නිදහස් කරන්නෙ. ඊයේ වෙනකන් තිබුණු ඩීසල් ප්‍රමාණය මෙ.ටොන් 13000ක් පමණයි. දවස ඩීසල් අවශ්‍යතාව මෙ.ටොන් 4500යි. වැස්ස නිසා බලාගාරවලට තෙල් නොදෙන නිසා එවැනි ප්‍රමාණයක් දැන් අවශ්‍ය වෙනවා. පෙට්රල් නැව ආවේ 11 වැනිදා. පෙරේදා වෙනකොට තිබුණේ මෙ.ටොන් 33000යි. දවසක අවශ්‍යතාව පෙට්රල් මෙ.ටොන් 4000යි. මේක බරපතළ අර්බුදයක්.

නැව එන්න කලින් පෙට්රල් තිබුණෙ අන්තිම හරියේ. ටැංකිවල වතුර ගහල තමයි් පෙට්රල් ටික උඩට ගත්තේ.  මේ තියෙන ප්‍රමාණ ඉවර වුණාම අතිරේක තොග නැති නිසා ඊළඟට එන නැවේ ප්‍රමිතියක් නැති වුණොත් විශාල ගැටලුවක් වෙනවා” යැයිද හෙතෙම මෙහිදී කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here